මවකට පුළුවන්ද මේ වගේ දෙයක් ඉවසන්න...අතිශය සංවේදි කතාවක්(PHOTO).

American Express United States of America World
By Sithumi Aug 30, 2023 06:08 AM GMT
Sithumi

Sithumi

Report

මේ කියන්න යන්නේ හොරකම් කෙරුණු දරුවෙකු අවුරුදු 42ට පසුව එයාගේ අම්මාට හම්බුන ඒ අපූරු කතාවක් ගැන .

හිතන්නකෝ අම්මා කෙනෙකුගේ හැගීම මේක අතිශය සංවේදි කතාවක් ඔහු මේ වෙනකොට ඇමරිකානු නීතිඥවරයෙක්.

ඇමරිකාවේ සිටි චිලී සම්භවයක් සහිත දරුවන් පිරිසක් නැවතත් සිය මවුවරුන් භාරයට ලබා දුන් අවස්ථාවක් දුටු ඔහුට තම මව සොයාගෙන යාමේ ආශාවක් ඇති වෙලා තියනවා එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ඔහුට වසර 42ට පසු සිය මව හමුවෙලා තියෙන්නේ.

ළමා ජාවාරම චිලී දේශයේ තවමත් සිදු වෙමින් පවතින දෙයක් වන අතර මීට වසර 42ට පෙරත් Jimmy Lippert Thyden නම් පුද්ගලයාව සොරකම් කෙරෙන්නේ නොමේරූ ලෙස උපත ලබා, ඉන්කියුබේටරයක තබා සිටියදී තමයි මේ සිදුවීම වෙලා තියන්නේ.

මෙයට රෝහල් කාර්‍ය මණ්ඩලයද සම්බන්ධ බවටයි පැවසෙන්නේ.

කොහොම හරි පහුවෙනිදා ඔහුගේ මවට පවසලා තියෙන්නේ තම දරුවා මිය ගිහින් කියලයි. ඔහොම තමයි Jimmy Lippert Thyden සොරකම් කරලා තියෙන්නේ.

ඒත් ධෛවය කියන්නේ කොහොම හරි තම මව හොයාගන්න මේ Jimmy Lippert Thyden කියන ඇමරිකානු නීතිඥවරයාට හැකි වෙලා තියෙනවා.

42ට පසු තම හමුවීම ඉතාමත් සංවේදී අවස්ථාවක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුනා.

Gallery
ReeCha