උතුරු නැගෙනහිර පමණක් නොව තවත් පළාත් දෙකක පාසල් හෙට වැසේ
By Gagana News
මහශිව රාත්‍රී දිනය නිමිත්තෙන් ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල්වලට හෙට දිනයේ දී විශේෂ නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම පළාත්වල පාසල් ලබන 27වන සිකුරාදා වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.
අදාළ නිවාඩු දිනය වෙනුවෙන් ලබන මාර්තු මස 01 වන සෙනසුරාදා අතිරේක පාසල් දිනයක් අදාළ පාසල් වෙත ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දමිළ පාසල් සඳහා ලබන 27වනදා නිවාඩු ලබා දීමටයි තීරණය කර තිබුනේ.