මෙරට දිස්ත්‍රික්ක 9කින්ම ඉතා බිහිසුණු බෝවන රෝගයක් - මාස කිහිපයකින් රෝගීන් 700 කට වැඩි..

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මේ වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලිනි. ඊට අමතරව කලුතර, ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් සහ කල්මුණේ ප්‍රදේශයෙන්ද සරම්ප රෝගීන් වාර්තා වෙයි.

සරම්ප යනු ''මෝබිලි වෛරස්'' ගණයට අයත් ''පැරාමික්සෝ වෛසරය'' මගින් වේගයෙන් බෝවන රෝගයකි.  වෛද්‍යවරුන්ට අනුව ශ්‍වසන මාර්ගය හරහා ඇතුළුවන වෛරසය ශරීරගතවී සති දෙකක් පමණ ගත වන විට රෝගී ලක්ෂණ මතුවීම සිදුවෙයි. 

මෙරට දිස්ත්‍රික්ක 9කින්ම ඉතා බිහිසුණු බෝවන රෝගයක් - මාස කිහිපයකින් රෝගීන් 700 කට වැඩි.. | More Than 700 Measles Patients From Sri Lanka

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇස් රතු වීමයි, එහි මූලික ලක්ෂණ වන්නේ.

සාර්ථක එන්තන්තරණ වැඩසටහනකින් පසුව 2019 දී ශ්‍රී ලංකාව සරම්ප රෝගය මෙරටින් තුරන් කරනු ලැබීය. ඒ දකුණු ආසියාවේ සරම්ප තුරන් කළ රටවලින් පහ අතරින් එක් රටක් බවට පත්වෙමිනි. 

නමුත්, සිව් වසරකට පසු යළිත් මෙරටින් සරම්ප රෝගීන් වාර්තාවීම සැළකිය යුතු කරුණකි.  යළි මෙරටින් වාර්තා වන සරම්ප රෝගය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමුව ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව සරම්ප රෝගය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ සහ ජාතික උපදේශක කමිටුවේ ද උපදෙස් ලබාගෙන තිබේ.

2024 ජනවාරි 6 වැනිදා සිට දිවයිනම ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහනක් දියත් කරන බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.