කිලෝ ග්‍රෑම් 100 ට අධික මත් කුඩු තොගයක් ගාලු වරායට...
By Parami Dissanayake
දකුණු මුහුදු තීරයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක දී කිලෝ ග්‍රෑම් 100කට අධික හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ බුද්ධඅංශ නිලධාරීන්ට ලද තොරතුරක් අනුවය.
එහිදී සැකකරුවන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, අදාළ යාත්‍රාවේ බෑග් කිහිපයක අසුරා මත්ද්‍රව්‍ය තොගය වෙනම කුටියක සඟවා තිබූ බවයි.
ඒ අනුව, මත්ද්‍රව්‍ය සඟවා ඇති අදාළ කුටිය හෙට (15) පෙරවරුවේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා, රස පරීක්ෂකවරයා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් ඉදිරියේ විවෘත කිරීමට නියමිතව ඇති බවයි.