කොළඹ වරායේ සමූහ මිනී වලෙන් තවත් ඇටසැකිලි මතුවෙයි..(VIDEO)

Report

කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාල පරිශ්‍රය අසලින් හමුවූ සමූහ මිනීවල පිළිබඳ පුවත් අප මීට පෙරද ඔබ වෙත ගෙන ආවා.

ඉකුත් ජූලි මස 13 වැනිදා මෙම භූමියේදී මිනිස් අස්ථි කොටස් මතුවූයේ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා දිවෙන කුලුණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුරයි.

ඒ සම්බන්ධව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉකුත් සැප්තැම්බර් 05 වැනිදා මෙම සුසානයේ කැණීම් කටයුතු ආරම්භ වුණා.

මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් මතුකරගැනීමෙන් අනතුරුව එහි පළමු අදියරේ කැණීම් කටයුතු අතරමග නවතා දැමූ අතර, අද දිනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි කැණීම් කටයුතු නැවත ආරම්භ කොට තිබෙනවා.