"පූකුඩුකන්නාගේ" සමීපතමයෙකුට තැබූ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි..
කොටහේන, බෙනඩික් මාවතේ අද (10) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් බව පොලීසිය සැක පළකරයි.
එම වෙඩිතැබීම රාත්‍රී 7ට පමණ සිදුව තිබුණි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් එම වෙඩිතැබීම සිදුකර තිබූ බව මූලික විමර්ශනවලින් හෙළිව ඇති බව පොලීසිය පවසයි.
වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර පළායන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි. වෙඩි වැදීමෙන් වයස අවුරුදු 43ක පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබූ අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 13 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කැනිස්ටන් නේටෝ නමැති පුද්ගලයෙකි. මෙම වෙඩිතැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පලනි ශිරාන් ක්ලෝරියන් යන අයගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.
![වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය සැබෑ ගැටලුව හඳුනාගැනීමට පියවර ගෙන නෑ .. විදුලිය බිඳවැටීම ගැන සජිත් කියූ සැබෑ හේතුව....](https://cdn.ibcstack.com/article/4c0285fb-1fa8-4004-a9ed-1cceff88f7cb/25-67aab7396974c-sm.webp)
වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය සැබෑ ගැටලුව හඳුනාගැනීමට පියවර ගෙන නෑ .. විදුලිය බිඳවැටීම ගැන සජිත් කියූ සැබෑ හේතුව....
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජි හෙවත් "පූකුඩුකන්නාගේ" සමීපතමයෙකු බව පැවසේ.
දෙපාර්ශ්වය අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් මත වෙඩිතැබීම සිදුවූ බවට පොලීසිය සැක පළකරන අතර වෙඩික්කරුවන් සොයා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භකර තිබේ.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)