මහ රෑ මොරටුව උණුසුම් වෙයි..විශාල පිරිසක් මහ පාරට බසී..

Report

ඊයේ (19) රාත්‍රියේ මොරටුව පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, ගම්වාසීන් පස් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට විරෝධය පාමින් සියයකට(100) අධික පිරිසක් මොරටුව පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධය පළකිරීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.(VIDEO)

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.(VIDEO)


මොරටුව ප්‍රදේශයේ දේවස්ථානයක් ඉදිරිපිට තොරණක් ඉදිකරමින් තිබී ඇති අතර එහි පැමිණි රථ වාහන පොලීසියේ නිලධාරීන් පිරිසක් මාර්ගය අවහිර වන ආකාරයෙන් එහි රැඳී සිටි පුද්ගලයින් පිරිසක්ව ඉවත් කිරීමට යාමේදී මෙම ගැටුම ඇතිවී තිබෙන බවයි පැවසෙන්නේ.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පහරකෑමට ලක්ව ඇති බව ද සඳහන්.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එම පහරදීම හා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

රට පුරා ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..

රට පුරා ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..


එම අත් අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මොරටුව පොලීසිය අසලට රැස්වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් මතුවී තිබුණු අතර තත්ත්වය පාලනය කිරීම සඳහා කතෝලික පියතුමන්ලා කිහිපදෙනෙකු ද එම ස්ථානයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

You May Like This Video