අද සවස 6.04ට ලෝකයම බලා සිටින විස්මිත සිදුවීම මෙන්න..
By Aruna
ඉන්දියාවේ චන්ද්‍රයන් 3 මෙහෙයුම් යටතේ වික්‍රම් ගවේෂණ යානය ඉන්දීය වේලාවෙන් අද පස්වරු 6.04 සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයට ගොඩබැස්සවීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසන්නේ යානය කිසිඳු ගැටලුවකින් තොරව සඳ මතට ගොඩ බැස්සවීමට සුදානම් බවයි.
යානය නිවැරදිව ගොඩ බැස්සවීම සිදුකළහොත්, සඳ මත යානයක් ගොඩ බැස්සවූ හතරවන රට ඉන්දියාව බවට පත් වෙනවා.