හදිසි තත්ත්වයක් - වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු තුනක් මරුට - වෙඩි තැබූ පුද්ගලයාටත් වෙඩි
By Ashfa
වෙඩි තැබීමකින් කැනඩාවේ, මොන්ට්‍රියෙල්හි පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අවන්හල් සහ සුපිරි වෙළඳසැල් පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි තැබීමෙන් පොලිස් නිළධාරියෙකු සහ සිවිල් වැසියෙකු මියගොස් ඇති අතර වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.