පොල් ගෙඩි කෝටි 20ක් රිලව් කාලා - ඇමති සමන්ත
Samantha Vidyaratna
Coconut price
Sinhala news
SriLanka News - Gagana
By Hashini
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසන්නේ පොල් පර්යේෂණායතනය ප්‍රකාශ කරන පරිදි වසරකට පොල් ගෙඩි මිලියන 3000ක ඉලක්කයකට යෑමේ හැකියාවක් පවතින බවයි.
කෙසේ වුව ද 2023 ගෙඩි මිලියන 2944ක් ද 2024 වසරේ එය මිලියන 2754 ක්ද වූ බවත් මේ වසරේ ගෙඩි මිලියන 2700-800ත් අතර අස්වැන්නක් බලාරොත්තු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
2030 වන විට පොල් ගෙඩි මිලියන 4200ක අස්වැන්නක් ලබා ගැනීම සිය සැලසුම බව ඇමතිවරයා සඳහන් කරනවා.
ඇමති සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරන්නේ රිලවුන් වඳුරන් දඬුලේනුන් වසරකට ගෙඩි මිලියන 200ක් පමණ විනාශ කරන බවත් එය මේ වසරේ පොල් හිඟයට සමාන බවත්ය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුව අමතමින්.
