අපිට හොදටම ගැහුවා අම්මේ ....ළමයි හඬා වැටෙයි !

Report

විදුහල්පතිවරයෙකු විසින් පහ වසරේ දරුවන් පිරිසකට දරුණු ආකාරයට පහර දීමේ සිද්ධියක් අපිට වාර්තා වෙනවා. මෙම සිද්ධිය වාර්තා වෙන්නේ අම්පාර ප්‍රදේශයේ රජයේ පාසලකින්.

සිද්ධිය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි ,

පාසල් වේලාවෙන් පස්සේ එදා හවස විශේෂ උපකාරක පන්ති වගයක් තිබිලා තියෙනවා . අදාළ පන්ති වෙලාව අතරතුර ලැබුණ විවේක කාලයේ දී සිසුන් කිහිපදෙනෙක් වැසිකිළියට ගිහිල්ල වතුර ඉහගෙන සෙල්ලම් කරලා තියෙනවා.

කෙහෙල්බද්දර පද්මේ ලංකාවට ඇවිත් ? පාස්පෝට් හදන්න ගියාද?… මෙන්න විස්තරේ

කෙහෙල්බද්දර පද්මේ ලංකාවට ඇවිත් ? පාස්පෝට් හදන්න ගියාද?… මෙන්න විස්තරේ

ඉතින් මේක දැන ගත්තු පන්ති භාර ගුරුවරයා කරලා තියෙන්නේ පාසලේ විදුහල්පතිවරයාට මේ ගැන දැනුම් දුන්න එක.   

අර කතාවක් තියෙනවනේ ........ කොල්ලන්ටයි අලියන්ටයි දඟලන් නැතුව ඉන්න ම බෑ කියලා ...........

කොහොම හරි ඊට පස්සේ දවසේ හවස 03 ට විතර පාසලේ විදුහල්පතිවරයා ඇවිල්ල අදාළ සිසුන් නව දෙනාම කැඳවලා තියෙනවා.  පස්සේ ළමයි ටික දණින් සිටුවා, ඔවුන්ගේ දෑත් බිත්තිය මත තබා ඉන්න කියල තියෙනවා.   

ඊට පස්සේ විදුහල්පතිවරයා වේවැල් තුනක් අතට අරගෙන අර ළමයි ටිකකගේ පිටට සහ කකුල්වලට අමානුෂික ලෙස පහර දීල තියෙනවා.    අසරණ පුංචි ළමයි ටික ගෙදර ගිහිල්ලා මේ උන සිදුවීම ගැන තමන්ගේ අම්මලා ට කියල තියෙනවා.

කොළඹ ජනතාවට හදිස්සි නිවේදනයක්

කොළඹ ජනතාවට හදිස්සි නිවේදනයක්

පස්සේ දෙමාපියන් තමාගේ දරුවන් පරික්ෂා කරලා.  පහරදීම නිසා ඇති වූ ඉදිමීම් සහ වේදනාකාරී තුවාල ඇති ප්‍රදේශ දෙමාපියන් ට දකින්න ලැබිලා තියෙනවා.     

අපිට හොදටම ගැහුවා අම්මේ ....ළමයි හඬා වැටෙයි ! | Mom It Hurts Lot They Beat Us Up Principal Did It

කොහොම උනත් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන කාර්යාලයට පැමිණිල්ලක් ගොනු කිරීමට දෙමාපියන් සූදානම් වන විට, පාසල් සංවර්ධන සංගමයේ දෙමාපියන් පිරිසක් ප්‍රහාරයෙන් පීඩාවට පත් දරුවන්ට නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස බලපෑම් කරලා ඇති බවයි වාර්තා වන්නේ .

අදාළ දරුවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ අම්පාර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලිඛිත පැමිණිලි ලියාපදිංචි කරලා තියෙනවා කියල තමයි දැන ගන්න ලැබුණේ.

අධ්‍යාපන කාර්යාලය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන බව අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. 

නිළි රැජිනගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවට

නිළි රැජිනගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවට

ප්‍රහාරයෙන් පීඩාවට පත් දරුවන්ගේ මවක් මෙසේ පැවසුවාය:

“අපි අපේ දරුවන්ව ඉගෙන ගන්න පාසල් යවනවා. ළමයි අමුතු දේවල් කරනවා. මේ ළමයි පොඩියි. හරක් වගේ ගහන්න පුළුවන්ද? ‘මගේ දරුවන්ට ආපහු ඒ පාසලට යන්න බැහැ’ කියලා ඔවුන් කියනවා. අපේ ළමයි මේ පාර 5 ශ්‍රේණියේ විභාග ලියනවා. දැන් ඒ දරුවන්ගේ මනෝභාවය කොහොම වෙයිද?”

ඉහත චෝදනාවට ලක්වන විදුහල්පතිවරයා බෞද්ධ භික්ෂුවක් බව සඳහන් කිරීම වටී.