සුපිරි IPL තරුවගේ නම, මෝස්තර නිරූපිකා ටානියාගේ මරණයට සම්බන්ධ වෙයි..

By Sewvandhi Feb 23, 2024 08:04 AM GMT
Report

ඉන්දීය පොලීසිය විසින්, ඉන්දීය මොස්තර නිරූපිකාවක් වන ටානියා සිං ගේ මරණය සම්බන්ධයෙන් ඇය සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කිරීම සඳහා නොතිසි නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය සඳුදා (19) 28 හැවිරිදි වියේ පසු වූ ටානියා සිං සිය නිවසේ නිදන කාමරයේ දී ගෙල වැළලාගෙන සියදිවිනසා ගෙන තිබුණි.

නමුත් ඇයගේ මෙම සිය දිවි නසා ගැනීමට හේතුවක් මෙතෙක් නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඇයගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඇය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කරන IPL ක්‍රීඩක අභිෂේක් ෂර්මා සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති බවය.

නමුත් මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, දින කිහිපයක සිට ඇය යැවූ WhatsApp පණිවුඩ සඳහා ඔහු කිසිදු පිළිතුරක් ලබා දී නොමැති බවයි.

ඒ අනුව ඉන්දීය පොලීසිය වැඩිදුරටත් පවසා ඇත්තේ, ටානියා සිං ගේ මරණය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අභිෂේක් ෂර්මා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. IPL තරගාවලියේ දී පළමුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ට ක්‍රීඩා කළ අභිෂේක්, 2019 දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ට එක්විය.