Mobile Apps හරහා අලුත්ම ජාතික වැඩපිළිවෙළක්..? බිම් මට්ටමේ සිට දැවැන්ත වෙනසක්..!
ජංගම යෙදුම් භාවිත කර පරිගණක, තොරතුරු තාක්ෂණ, මුල්‍ය, භාෂා, යන පුළුල් පරාසයක සාක්ෂරතාවය ප්‍රවර්ධනය සඳහා, ජාතික වැඩපිළිවෙළක දැඩි අවශ්‍යතාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී තාක්ෂණ අමාත්‍යවරයා වෙත පැනයක් යොමු කරමින් ඔහු කියා සිටියේ පරිගණක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් හා අනෙකුත් සංවිධාන සමග එක්වී බිම් මට්ටමේ ක්‍රියාකාරී වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන්නේ ඇයිද යන්නයි.
ඊට පිළිතුරු ලබා දෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරීන්, කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් යන කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් බිම් මට්ටමේ වැඩසටන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |