කළුතර 21 හැවිරිදි සිසුවියක් අතුරුදහන් වෙයි..අම්ම පොලීසියට ඇවිත් කියපු දේ..
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාවක් හදාරන 21 හැවිරිදි ශිෂ්‍යයාවක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ, මෙම සිසුවිය කළුතර, ගමගොඩ, කොහුලානේ පදිංචිකාරියක් බවයි.
ඇගේ මව පෙරේදා(28) සවස මොරටුව පොලිසියට පැමිණ ඇය අතුරුදන් බවට පැමිණිල්ල කර තිබෙනවා.
සිය දියණිය පෙරේදා උදෑසන ඉංග්‍රීසි පාඨමාලවට සම්බන්ධ වීමට යන බව පවසා නිවසින් පිටත්ව ගිය බවත් සවස නැවත නිවසට නොපැමිණි බව, ඇය පොලිසියට පවසා තිබේ.
ඇගේ ජංගම දුරකතනයද අක්‍රීයව පවතින බව ද මව පොලිසියට පවසා ඇත.
එහිදී පොලිසිය විසින් අතුරුදන් වූ තරුණියගේ මව විසින් කළ පැමිණිල්ලට අනුව කළ සොයා බැලීමේදී තරුණිය පෙරේදා එම පාඨමාලාවට සහභාගි වී නැති බව අනාවරණය වී තිබෙනවා.
එබැවින් මොරටුව පොලිසිය සඳහන් කළේ, ජංගම දුරකතන ජාල විශ්ලේෂණයක් කරමින් ඇය සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන් හඳුනාගෙන ඉදිරි විමර්ශන පවත්වන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |