ඉරානයේ ඉවසීමේ සීමාව පනී - අනතුරු අඟවලත් එය නොතැකූ අමෙරිකානු නෞකාවකට මිසයිලවලින් ප්‍රතිචාර

Report

ඉරානයේ 'ෆාර්ස්' (Fars) පුවත් ඒජන්සිය මඟින් හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී අමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව වාර්තා කරයි.

ඒ අනුව දේශීය මූලාශ්‍ර උපුටා දක්වමින් ඉරානය සඳහන් කරන්නේ ජස්ක් (Jask) දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවට ගමන් නවත්වන මෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

එසේ වුවත් එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව එම විදෙස් මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

අත්ලාන්තික් සාගරය කැළඹෙයි - සංචාරක නෞකාවක පැතිර ගිය සැක සහිත වෛරසයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

අත්ලාන්තික් සාගරය කැළඹෙයි - සංචාරක නෞකාවක පැතිර ගිය සැක සහිත වෛරසයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ඒ අනුව මෙම වාර්තාගත ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවන්ට ආරක්ෂිතව පිටතට පැමිණීමට මඟ පෙන්වීමට 'ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්' නමින් විශේෂ මෙහෙයුමක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ පසුබිමක වේ.

එම මෙහෙයුම සඳහා ඉහළ හමුදා දායකත්වයක් ලබා දෙන බව අමෙරිකානු මධ්‍යම අණසක (US Central Command) ප්‍රකාශ කර ඇත.

ලෝකෙම පුදුම කරමින් ඉරානය අසරණ කළ රටවලට ට්‍රම්ප්ගෙන් සහනයක් - අද සිට ඇරඹෙයි

ලෝකෙම පුදුම කරමින් ඉරානය අසරණ කළ රටවලට ට්‍රම්ප්ගෙන් සහනයක් - අද සිට ඇරඹෙයි

නැවතත් හෝර්මූස් නිසා ඉරානයෙන් ඇමරිකාවට අනතුරු ඇගවීමක්

නැවතත් හෝර්මූස් නිසා ඉරානයෙන් ඇමරිකාවට අනතුරු ඇගවීමක්