හොර කෙල්ල අනුදි... හිතේ හංගගෙන හිටපු ආසාව කියයි.... අම්මෝ කඩවසම් කොල්ලෙක්ලු

Report

72 වන ලෝක රූ රැජිණ තරගාවලිය මේ වනවිට ඉන්දියාවේදි පැවැත්වෙනවා. ශ්‍රීලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලියට අනුදි ගුණසේකර ඉදිරිපත් වී සිටිනවා.

ඇය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දියාව පිළිබවද මෙලෙස අදහස් දැක්වුවා.

ලෝක රූ රැජිණ තරඟයෙන් ඉදිරියටම යන්න අනුදිට සපෝර්ට් කරන්න ඔබටත් අවස්ථාවක් - ඒ වැඩේ කරන්නේ මෙහෙමයි

ලෝක රූ රැජිණ තරඟයෙන් ඉදිරියටම යන්න අනුදිට සපෝර්ට් කරන්න ඔබටත් අවස්ථාවක් - ඒ වැඩේ කරන්නේ මෙහෙමයි

" ආයුබෝවන් (මගේ මව් බසින් ආයුබෝවන් යනුවෙන් අදහස් වන්නේ ආයුශ බොහො වේවා! යනුයි) මම මෙවර ශ්‍රී ලංකාව කියන සුන්දර හා අයස්කාන්ත දිවයින නියෝජනය කරමින් ලෝක රූ රැජිණ තරගාවලියට සහභාගී වනවා. ඉන්දියාවේ තෙලංගනා හී ගෙවන හැම දවසක්ම සුන්දරයි.

ඒ වගේම මට කිසිදු මොහොතක හැගෙන්නේ නෑ මම ගෙදරින් පිට ඉන්නවා කියලා. මොකද ඉන්දියාවේ සංස්කෘතිය,ආහාර පාන,කුළුබඩු පවා මගේ රටට ඉතාමත් කිට්ටුයි." නිවේදිකාව යොහානි පිළිබදවත් අනුදිගෙන් විමසා සිටියා. " මම යොහානි ගැන ආඩම්බර වෙනවා ඇයගේ මැණිකේ ගීතයට ඉන්දියාව පමණක් නොවේ මුළු ලෝකයේම ආදරය හිමි වුනා.

ඒ ගැන මම සතුටු වෙනවා." අනුදි පවසා සිටියේ එලෙසින්. දකුණු ඉන්දියානු සිනමාවට හා බොලිවුඩ් සිනමාවට ඇති කැමැත්ත ගැනත් මෙහිදි නිවේදිකාව අනුදිගෙන් විමසා සිටියා.

ඇමරිකා තානාපති විකුණා ජාවාරම්

ඇමරිකා තානාපති විකුණා ජාවාරම්

" බොලිවුඩය මෙන්ම කොලිවුඩ් හා ටොලිවුඩ් සිනමාවත් අපේ රටට සමීපයි. අපේ රටේ බොහෝ දෙනා හින්දි,දෙමළ, තෙළිගු,මළයාලම් චිත්‍රපට නරඹනවා.

ඒ වගේම මගේ රටේ දෙමළ කතා කරන ජනතාව සිටිනවා. ඒ අය වගේම සිංහල කතා කරන අපිත් මේ චිත්‍රපට වලට කැමති" නිවේදිකාව ඇය කැමති සිනමා නළුවන් වගේම කැමති ගීත පිළිබදවත් විමසුවා.

" මම විජේ,ධනුශ්,කමල් හසන්ට කැමති ඒ වගේම මම සූර්‍යාට ගොඩාක් කැමති. ඒ වගේම ඔස්කාර් සම්මාන දිනු නාටු නාටු ගීතයට මම ගොඩාක් ආසයි" නිවේදිකාව අනුදිගෙන් විමසා සිටියේ ඇයට තෙළිගු රංගන ශිල්පියෙක් සමග රගපාන්න අවස්ථාවවක් හිමි වූහොත් ඇය රගපාන්න කැමති කා සමගද කියායි.

මෙයට පිළිතුරු දෙමින් අනුදි පවසා සිටියේ.. " එහෙම අවස්ථාවක් මට හිමි වුනොත් මම කැමති විජේ දේවරකොණ්ඩා සමග රගපාන්න. ඔහු ඉතාමත් කඩවසම්" අනුදි සිනාසෙමින් එසේ පවසා සිටියා.