දකුණු අප්‍රිකාවේ රූ කිරුළ බිහිරි තරුණියකට...
Day of the Deaf
South Africa
World
By Parami Dissanayake
දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස Mia le Roux නම් බිහිරි තරුණියක් කිරුළ හිමිකරගත් අතර, එලෙස බිහිරි තරුණියක් එම කිරුළ අත් කරගත් ප්‍රථම වතාව ලෙස ඇය වාර්තා පොතට එක් විය.
ඇය 28 හැවිරිදි වියේ පසුවන අතර, ඇයට වයස අවුරුද්දක් පමණ වන විටදී ඇය ශ්‍රවණ දුර්වලතාවයකින් පෙළෙන බව හඳුනාගෙන ඇත.
ඇයට ශබ්දය හඳුනා ගැනීම පහසු කිරීම සඳහා ශ්‍රවණ උපකරණයක් සවිකර ඇති බව සඳහන් වන අතර සිය කථන හැකියාව ඇතිකර ගැනීම සඳහා වසර දෙකක් පමණ වෙහෙසීමට සිදුවූ බව ද ඇය පවසා ඇත.
කෙසේ වෙතත්, මියා මේ වනවිට නිරූපිකාවක් ලෙසත් වෙළෙඳ කළමනාකාරිනියක් ලෙසත් සේවය කරන්නියකි.
මියා පවසන්නේ, "මම දැන් දන්නවා මාව මේ ලෝකෙට එව්වේ සීමාවන් බිඳින්න...මම ඒ දේ අද රෑ සිදුකළා..." යනුවෙනි.
