ගල් කැටයම්, ආප්ප දැමිලි පුද්ගලිකව කරගන්න හයේ පොතට ඒවා එපා - මිහින්තලා හිමිත් සමලිංගික මොඩියුලය ගැන කට අරියි
මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ වත්මන් රජය පාසල් විෂය නිර්දේශවලට විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් කිරීමේ සම්බන්ධයෙන් චෝදනා කරති.
උන්වහන්සේ සඳහන් කරන්නේ, මේ පිළිබඳ අනතුරු ඇඟවීම් මහා සංඝරත්නය විසින් වසරකට පෙරද දැනුම් දී ඇති බවත්, අද වන විට එම කරුණු සනාථ වෙමින් පවතින බවත් ය.
විශේෂයෙන්ම හය වසර පෙළපොත් තුළ මෙවැනි විෂය කරුණු දරුවන්ට ඉදිරිපත් කිරීම සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයක් බවත්, රටේ දරුවන්ට අහිතකර බලපෑමක් ඇති කරවන “අකටයුත්තක්” බවත් උන්වහන්සේ අවධාරණය කරති.
එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ,
"මේක සිංහලෙන් කියන්න ඕන අමුවෙන්, පහුගිය ආණ්ඩුවලත් ගල්බාස්ලා හිටියා. ඕන ගලක් ගල් කටුවකින් විදින්න පුළුවන් දක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ගල්බාසුන්නැහෙලා හිටියා. එතකොට ඔය ආප්ප කියලා කියන්නේ ආප්ප කඩත් හරියට තිබුණා. ඒක නිසා අපිට කිසිම ගැටළුවක් නැහැ. ල්බාස්ලා ඉන්න පුළුවන්, ආප්ප කඩකාරයෝ ඉන්න පුළුවන්, අප්පියෝ ඉන්න පුළුවන්, අප්පයෝ ඉන්නත් පුළුවන් ආප්ප කාලත් රට වෙනස්කරපු රටක් නේ මේක. ඒ නිසා අප්පෙට ලොකු ඉතිහාසයක් තියනවා ගල්බාස්ලටත් තියනවා."
උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළේ, සමලිංගික හෝ සමරිසි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හෝ මානසිකත්වය පිළිබඳව ගැටලුක් නැති වුවද, ඒවා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයන්ට බලහත්කාරයෙන් ඇතුළත් කිරීමට උත්සාහ කිරීම පිළිගත නොහැකි බවය.
පසුගිය කාලයේ පැවති “සෞඛ්‍ය විද්‍යාව” විෂය තුළ අවශ්‍ය සියලු කරුණු අන්තර්ගතව තිබුණත්, වර්තමානයේ එය විකෘති කර ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙති. රජය මෙය අත්වැරදීමක් බවට පමණක් ප්‍රකාශ කළ ද, ධම්මරතන හිමියෝ ප්‍රතික්ෂේප කරන්නේ එය දැනුවත්ව සිදුකළ ක්‍රියාවක් බවය.
පෙළපොත මුද්‍රණයට කිරීමට පෙර මණ්ඩල නවයකින් පමණ පෙර විශේෂඥ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සෝදුපත් විග්‍රහ කර ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.
උන්වහන්සේ හෙළි කළේ රජය මෙම විෂය නිර්දේශ සඳහා මුදල් කෝටි ගණනක් වැය කර ඇති බවත්, අධ්‍යාපන ලේකම් ඇතුළු වගකිවයුත්න් මේ පිළිබඳව ජනතාවට බොරු නොකිය යුතු බවත්, වගකීමෙන් නිදහස් වීමට උත්සාහ කරන බවත්ය. අදාල අධ්‍යාපන වෘත්තීය සමිති දේශපාලන ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, රටේ අනාගතය සහ දරුවන් වෙනුවෙන් සියලු දෙනා අවදි විය යුතු කාලය එළඹ ඇති බව උන්වහන්සේ අවසානව ප්‍රකාශ කළහ.