අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් සඳහා දැනුම්දීමක්..
පවතින අධික උෂ්ණත්වය තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් ක්‍රියාකාරකම්වලදී ක්‍රියාකළ යුතු ආකාරය දැනුම්වත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිර්දේශ පදනම් කරගනිමින් අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිර්දේශ ඇතුලත් ලිපියක් යොමුකර තිබෙනවා.
එම නිවේදනය පහතින්
සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර, එසේ ඉදිරිපත් කරන ලද පහත සඳහන් නිර්දේශ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
1. දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඩු පෙරලීම (Heal Cramps) - අත්පා හා උදරයේ මස්පිඬු වේදනාව හා පෙරලීම ප්‍රථමාධාර - සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම (සැම විනාඩි 15 කටම වරක් විදුරු භාගය බැගින්)
2. අධික උෂ්ණත්වය මත ඇතිවන අධික මහන්සිය (TIeat Exhaustion) - අධික දහදිය දැමීම, ශරීර අප්‍රාණික බව, ක්ලාන්තය ප්‍රථමාධාර - සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම (සැම විනාඩි 15 කටම වරක් විදුරු භාගය බැගින්) ස්නානය, සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම
3. ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය (Heat Stroke) - අධික ශරීර උෂ්ණත්වය, නාඩි වේගය වැඩිවීම හා ශ්වසන වේගය වැඩිවීම, සිහිමද ගතිය, හිසරදය, වලිප්පු තතත්වය, සිහිසුන් වීම
ප්‍රථමාධාර - සිසිල් සෙවන සහිත ස්ථානයකට ගෙන යාම, ශරීරයට අනවශ්‍ය තද ඇඳුම් ඉවත් කිරීම/බුරුල් කිරීම, සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම. මෙය දැඩි අවදානම් තත්ත්වයක් බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතුය. මෙවැනි අවස්ථාවකදී 1990 අමතා සුව සැරිය ගිලන් රථ සේවයේ සහය හෝ නැතහොත් ලඟම රෝහලේ ගිලන් රථය ලබා ගැනීමට ක්‍රියා කරන්න.
පාසල් ක්‍රියාකාරකම් වල නිරත වීම.
- අධික උෂ්ණත්වය සහිත දින වල සිසුන් එළිමහනේ/ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැලැක්විය යුතුය.
- පාසල් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වලක්වා ගත යුතුය. වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීම වඩාත් සුදුසු වේ.
- දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පිටතට ගෙනයාමෙන් වලක්වා ගැනීම (පාසලේ දී මෙන්ම නිවසේ දී).
- ප්‍රාදේශීය මට්ටමින් පවතින උෂ්ණත්වය කාළගුණ තත්ත්වයන් සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා තරඟ හා පුහුණුවීම් කටයුතු සැලසුම් කිරීම වඩාත් සුදුසු වේ.
පහසුකම් සැලසීම
- අවශ්‍ය තරම් බිමට ජලය සැපයීම හා වැඩිපුර පිරිසිදු ජලය පානය සඳහා සිසුන් යොමු කිරීම.
- පාසලේ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැතිනම් ඒ සඳහා විකල්ප ක්‍රම යෙදීම (දිස්ත්‍රික් ලාපp කළමනා කරණ සම්බන් ධීකරණ නිලධාරීන් මගින් දිස්ත්‍රික් ලේකම්ගේ සහය මේ සඳහා ලබාගතහැක).
- පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීම සඳහා දොර ජනෙල් විවෘතව තැබීම හා අවශ්‍ය පියවර ගැනීම. විදුලි පංකා භාවිත කරන්නේ නම් පිරිසිදු වාතාශ්‍රය ලැබීම සඳහා දොර ජනෙල් අනිවාර්යෙන්ම විවෘතව පැවතිය යුතුය.
- තට්ටු ගොඩ නැගිලි/ ට කරන් වහල සහිත අධික උෂ්ණත්වය සහිත ගොඩනැගිලිවල ඇති පන්ති කාමර සුදුසු තත්ත්ව සහිත තාවකාලික ගොඩනැගිල්ලකට ස්ථානයකට මාරු කිරීම.
- සිසුන්ගේ පුද්ගලික පෙර සුදානම
- අවශ්‍ය අවස්ථා වලදී ටයි පටිය නොපැළඳීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදු කල යුතුය.
- බඳ පටි පැළඳීම හැකිතාක් අවම කිරීම.
- අධික හිරු එළිය සහිත පරිසරයේ දී හොඳින් හිස ආවරණය වන හිස් වැසුමක් හෝ කුඩයක් භාවිතා කිරීම.
- තද වර්ණයෙන් යුත් ඇඳුම් පැළඳුම් භාවිත නොකළ යුතුය.
- නිවසෙන් බැහැර යන හැම අවස්ථාවකදිම පිරිසිදු වතුර බෝතලයක් රැගෙනයාම.
- සාමාන්‍ය දින වලට වඩා ජලය පානය වැඩි කිරීම.ජලය වෙනුවට ආදේශක ලෙස තැඹිලි, කුරුම්බා වැනි පාන වර්ග භාවිත කිරීම සුදුසු වේ. කිසිඳු අවස්ථාවක සීනි අධික පැණි බීම භාවිත නොකළ යුතුය.
- අධික උෂ්ණත්වය නිසා අහිතකර රෝග ලක්ෂණ ඇතිවන්නේ නම් ගුරුවරයෙකුට හෝ වැඩිහිටියකුට දැනුමදිම මඟින් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම
ඒ අනුව පිරිවෙන්/ පාසල් වල දෛනික කටයුතු වල දී සහ අමතර ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ දී මෙම උපදෙස් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන මෙන් ඔබ පළාතේ සියලුම පරිවෙනාධිපතිවරුන්/විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන දන්වා තිබේ.
You may like this video


