දිවයින පුරා පාසල් වසන නිර්ණායක මෙන්න
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ශිෂ්‍ය සංඛ්‍යාව ඉතාමත් අඩු පාසල් තාවකාලිකව වසා දැමීමට සලකා බැලිය හැකි නිර්ණායක නිකුත් කර ඇත.
ඒ අනුව අඳාළ නිර්ණායක වන්නේ ශ්‍රේණියක සිසුන් සංඛ්‍යාව දහයට අඩු හෝ පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව පනහට අඩු පාසලක් වීම හා පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් පහක දුරකින් යුත් ප්‍රදේශයේ වසා දැමීමට සලකා බලන පාසල් වර්ගයට සමාන හෝ උසස් පාසලක් පිහිටා තිබීමයි.
එමෙන්ම අමාත්‍යාංශය නිකුත් කර ඇති පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍ර ලේඛය සහ උපදෙස් සංග්‍රහයේ දක්වා ඇත්තේ කිසිදු ශිෂ්‍යයකුගේ පාසල් අධ්‍යාපනයට බාධා නොවන පරිදි වසා දැමීමට යෝජිත පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් ඔවුන්ට පහසුවෙන් ළඟා විය හැකි සුදුසු පාසලකට ඇතුළත් කළ යුතු බවයි.
තවද මෙම නිර්ණායක අනුව පාසලක් තාවකාලිකව වසා දැමීමට පළාත් ව්‍යුහ කමිටුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයීය ව්‍යුහ කමිටුවට සලකා බැලිය හැකි බව ද එහි දැක්වේ.
මේ උපදෙස් සියලු පාසල් විචාරවත් කිරීමේ වැඩසටහන යටතේ නිකුත් කර ඇති බව වාර්තා වේ.
එසේම මෙසේ පාසල් විචාරවත් කිරීමේ අරමුණ නම් පදිංචි ස්ථානයට ආසන්නයේ සියලු පහසුකම් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය හැකි පාසලක් සෑම ශිෂ්‍යයකුටම ලබා දීමයි.
තවද වසර තුනකට වරක් පළාතේ පාසල් විචාරවත් කිරීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සිදු කරනු ලැබිය යුතු යැයි ද එහි ඇතුළත් කර තිබෙනවා.