ඇමතිවරු 05ක් එකතු වෙලා කරන්න යන වැඩේ මෙන්න..

Report

විදේශ ආයෝජන ආකර්ශනය කරගන්න අලුත් සැලැස්මක් විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට හැකි ආයෝජන අවස්ථා හඳුනාගැනීමට පස් දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුවේ සභාපති ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කටයුතු කරයි.

කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ,

අමාත්‍ය දිලුම් අමුණුගම

අමාත්‍ය කංචන විජේසේකර

අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම වැදගත් බවට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි සැලකේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now