ආයෙත් මෙහෙම නොවෙන්න වැඩපිලිවෙලක් හදනවා..- රම්බොඩ අනතුර බලන්න ගිය නි. ඇමති කියයි
නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, රම්බොඩ, ගැරඩි ඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් 21 දෙනෙකු මියගොස් ඇත.
මියගියවුන්ගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, තවත් සිරුරු කිහිපයක් බස් රථයට යටවී ඇති බවත්, ඒවා ගොඩගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක යෙදෙන බවත් වාර්තා වේ.

පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම තොරතුරු.. - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට..
බස් රථයේ ධාවනය අතරතුර හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුවූ බවට කොත්මලේ පොලිසිය සැක පළකරමින් විමර්ශන පවත්වයි.
අනතුර පිළිබඳ සොයා බැලීමට කථානායක ජගත් වික්‍රමරත්න සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටියහ.
මෙවැනි අනතුරු අවම කිරීමට වැඩපිළිවෙළක් සකස් කරමින් ඇති බවත්, එය ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
