එක් කෙනෙක්ට දවසකට ලුණු ග්‍රෑම් හතක් ඇති .. ඇමති වසන්ත කියයි

Sri Lanka Politician Wasantha Samarasinghe Sinhala news
By Hashini May 19, 2025 12:13 AM GMT
Hashini

Hashini

Report

මෙරටට දෛනික අවශ්‍ය වන ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් පන්සියයක් බව සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරනවා.

ඒ අනුව එක් අයෙකු දිනකට ආහාරයට ගන්නා ප්‍රමාණය උපරිම ලුණු ග්‍රෑම් හතක් පමණක් බවත් පැවසූ ඔහු එය අනුව මෙට්‍රික් ටොන් පන්සියයක් ලුනු සපයාගත නොහැකි රටක් නොවන බවද කියා සිටිනවා.

ගුවන්තොටින් ඇල්ලු 'කුෂ්' තොගය.. වටිනාකම කෝටි ගානක්

ගුවන්තොටින් ඇල්ලු 'කුෂ්' තොගය.. වටිනාකම කෝටි ගානක්

පසුගිය කාලසීමාවේ දිගින් දිගටම වැසි ඇදහැලුනු නිසා ලුනු නිෂ්පාදනය බිඳවැටීම මෙම තත්ත්වය ඇති වීමට හේතුව බවද අමාත්‍යවරයා පවසනවා.

ඒ හේතුවෙන් ලුණු ආනයනය කිරීමට තීරණය කර ඇති බවද පැවසු ඇමතිවරයා රට තුළ අවශ්‍ය තරම් ලුණු නිෂ්පාදනය සිදුවනතුරු ආනයනයකර වෙළඳපොළට නිකුත් කිරීමට අවසර දී ඇති බවද ඔහු කියා සිටියේය.

නිරිත දිග මෝසම් ක්‍රියාත්මකයි...බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

නිරිත දිග මෝසම් ක්‍රියාත්මකයි...බොහෝ ප්‍රදේශවලට අදත් වැසි


ReeCha