ඇමති විජිත හේරත් අද ජර්මනියට

Report

අමාත්‍ය විජිත හේරත් මහතා අද (26) ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

 විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍යවරයා අද (26) සහ හෙට (27) යන දෙදින මෙම සංචාරයේ නිරත වීමට නියමිත බවයි.

ජර්මානු – ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ ජර්මනියේ (OAV) බ්‍රෙමන් ශාඛාව විසින් කරන ලද ආරාධනාවකට අනුව මෙම සංචාරය සංවිධානය කර   ඇත.

තවද වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකට අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතව තිබේ. 

OAV බ්‍රෙමන් ශාඛාවේ 125 වැනි සංවත්සර උත්සවයේදී අමාත්‍ය හේරත් මහතා ආසියාවේ ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස සහභාගී වීමට නියමිතව ඇත

එම අවස්ථාවේ ජර්මානු පාර්ශවයේ ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස ජජර්මනියේ විදේශ අමාත්‍ය ආචාර්ය ජොහාන් වාඩෙෆුල් සහභාගී වීමට සූ OAV – German Asia-Pacific Business Association යනුවෙන් හදුන්වනුයේ ජර්මානු–ආසියානු ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන විශාලතම ජර්මානු සංගමය වන අතර, ආසියා පැසිෆික් කලාපයේ ජර්මානු ව්‍යාපාරික නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කරන ප්‍රමුඛ වේදිකාවකි.

  මෙම සංචාරයේදී අමාත්‍ය හේරත් මහතා ජොහාන් වාඩෙෆුල් මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, ශ්‍රී ලංකාව පිළිබඳ ව්‍යාපාරික සාකච්ඡාවකටද සහභාගී වීමටත් නියමිතව ඇත