විපක්ෂයේ සමහර පක්ෂත් අද පුනරුත්ථාපනය කරන මට්ටමකට ඇද වැටිලා ඇමති සුනිල්ගෙන් චෝදනා
විපක්ෂයේ සමහර පක්ෂත් අද පුනරුත්ථාපනය කරන මට්ටමකට ඇද වැටී තිබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා තව දුරටත් කතා කළේ මෙවන් අදහසක්
'' අප රටේ ව්‍යාපාර පහුගිය කාලයේ විවිධ හේතු නිසා දිගටම ඇද වැටුනා.ඇද වැටෙන ව්‍යාපාර නැවත ගොඩ ගැනීමට සහ ඒ අසමත් ව්‍යාපාර වේගවත් සහ කාර්යක්ෂම ලෙස ගොඩනැගීම සඳහා මේ පනත් අපට වැදගත් වෙනවා. ව්‍යාපාර සමහර වෙලාවට බංකොලොත් වන්නේ ඒ ව්‍යාපාරවල සාධක නිසාම නොවේ.වෙනත් බාහිර සාධක නිසාත් ඔහුට මේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙනවා.මේ තත්ත්වයෙන් ගැලවී ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න අප අවස්ථාවක් සඳහා දිය යුතුයි.එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාව දිය යුතුයි.මේ සඳහා අවස්ථා බොහෝ විට අප රටේ සීමා කර තිබෙනවා.අපේ රටේ ව්‍යාපාරිකයන් බංකොලොත් වීම, වස්තු භංගත්වයට පත්වීම යන කාරණය සැලකීමට ගෙන අද සාකච්ඡා කරන පණතේ වගන්ති සමග අනාගත ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ව්‍යාපාර කරගෙන යන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන සකසා දීමට මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. ''