මැද­පෙ­ර­දිග පවතින දරුණු යුද­මය තත්ත්ව­යෙන් තේ කර්මා­න්ත­යට එල්ල විය හැකි අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙන්න සුදා­නම් ඇමැති සමන්ත කිය‍යි

Report

දැනට මැද­පෙ­ර­දිග කලා­පයේ ඇතිවී තිබෙන යුද­මය තත්ත්වය නිසා තේ කර්මා­න්ත­යට එල්ල වන අභි­යෝ­ග­ව­ලට සැල­සුම් සහ­ග­තව මුහුණ දෙන්න රජය සුදා­න­ම් බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටි­තල පහ­සු­කම් අමාත්‍ය සමන්ත විද්‍යා­රත්න මහතා සදහන් කර තිබේ .

ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ බත්ත­ර­මුල්ල අපේ ගම පරි­ශ්‍ර­යේදී ඊයේ (04) පැවති 2026-2030 උපාය මාර්ගික සැලැ­ස්මට අනුව “පිවි­තුරු තේ ගම්මාන Ò ආදර්ශ ගම්මාන 500 වැඩ­ස­ට­හන ගැන දැනු­ම්වත් කිරීමේ වැඩ­මු­ළු­වට එක්වෙ­මිනි.

වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්‍ෂ වසන්ත විදා­නගේ, කුඩා තේ වතු සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති නිමල් උඩු­ග­ම්පොළ මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

දරුණු ඉරාන යුද්ධයෙන් මියගිය පස්වන සහ හයවන අමෙරිකානු සොල්දාදුවන් දෙදෙනාත් හඳුනාගනී

දරුණු ඉරාන යුද්ධයෙන් මියගිය පස්වන සහ හයවන අමෙරිකානු සොල්දාදුවන් දෙදෙනාත් හඳුනාගනී

මෙම­ වැඩසටහන මගින් වසර 2030 වන­විට පිවි­තුරු තේ ගම්මාන 500ක් සකසා නිමි තේ කිලෝ මිලි­යන 400ක් නිෂ්පා­ද­න­ය­ටත් ඒ සඳහා 2026 වසර තුළදී පිවි­තුරු තේ ගම්මාන 144ක් ස්ථාප­නය සඳහා ක්ෂේත්‍ර නිල­ධා­රින් ඇතුළු පාර්ශ්ව­ක­රු­වන් දැනු­ම්වත් කිරීම සිදු­ව ඇත.

 ඇමැ­ති­ව­රයා මේ සම්බන්ධව තවදුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

'' තේ කර්මා­න්ත­යට විවිධ කාල­යන්හි විවිධ අභි­යෝග එනවා. ඒවා වැවිලි කර්මා­න්ත­ය­ටද බල­පා­නවා. මේ අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙමින් ක්ෂේත්‍රය ඉදි­රි­යට ගෙන­යාම තමයි අපේ වග­කීම. ඉරාන – ඊශ්‍රා­යල යුද්ධය අපට තාව­කා­ලික අභි­යෝ­ග­යක් වුවද අපි ඊට මුහුණ දිය යුතුයි. අපේ අප­න­යන,සංචා­රක ඇතුළු ක්ෂේත්‍ර රැස­කට මෙය බල­පා­නවා. මීට සැල­සුම් සහ­ග­තව මුහුණ දිය යුතුයි. අපි අද තේ කර්මා­න්ත­යට ඉලක්ක සහ­ග­තව මැදි­හත් වෙන්න සුදා­නම්.

අතී­තයේ මෙවන් නිසි සැල­සුම් පැව­තියේ නැහැ. තේ ගම්මාන 500 ප්‍රායෝ­ගික වැඩ­ස­ට­හන සැක­සෙන්නේ ගොවියා අතින්. අපිට රජ­යක් ලෙස සැලැ­ස්මක් සහ වැඩ­පි­ළි­වෙ­ළක් පව­තින බැවින් දැන් ගමන යන්න පුළු­වන්. පොහො­සත් රටක් ලස්සන ජීවි­ත­යක් සැල­ස්මට අනුව මුළු රජ­යම මේ අයු­රින් සැල­සුම් සහ­ග­තව ගමන අරඹා තිබෙ­නවා. මේ වැඩ­ස­ට­හන සාර්ථක කර­ගන්න ආක­ල්ප­මය වෙන­සක්ද අව­ශ්‍යයි. තේ වගා­වෙන් සාර්ථක වන්න ගොවියා ව්‍යව­සා­ය­ක­යෙක් බවට පත්කළ යුතුයි. කුඩා තේ වතු හිමි­යන් කුඩා ආයෝ­ජ­ක­යන් ලෙස ආක­ල්ප­මය වෙන­ස­කට ලක්කළ යුතුයි. මේ සඳහා තමයි තේ නිෂ්පා­දන ගම්මාන 500 සකසා ව්‍යව­සා­ය­ක­යන් නිර්මා­ණය කරන්නේ. සියලු ඉඩම් ඵල­දායී තත්ත්ව­යට ගෙන­ඒම රජයේ අපේ­ක්ෂාව. අතී­තයේ පැවති නි‍වසේ සිට කාර්යා­ලය දක්වා අද වෙනස් වෙලා. වගාව තවම වෙනස් වී නැහැ.

නමුත් ලෝකයේ කෘෂි­ක­ර්මා­න්තය කොත­රම් වෙනස් වෙලාද?. අතී­තයේ ලෝක තේ නිෂ්පා­ද­නයේ අපි දෙවැනි තැන සිටියේ. මේ ගම්මාන 500 වැඩ­ස­ට­හන ඵල­දායී වැඩ­ස­ට­හ­නක්. ගොවියා සහ රටේ ජන­තාව විශ්වා­සය තබන වැඩ­ස­ට­හ­නක් ලෙස මේ ව්‍යාපෘ­තිය ඉදි­රි­යට ගෙනි­ය­නවා. මේ සඳහා රජය සහ සියලු ආය­තන එකට එක්ව ඉදි­රි­යට යෑමට අපි සැල­සුම් කර තිබෙ­නවා. ඒ සඳහා ජාතික මෙන්ම ග්‍රාමීය ඉල­ක්කද සකසා තිබෙ­නවා.

අපේ රටේ ජෙට්,රොකට් හදන්න බැරි­වු­ණාට සිය­වස් ගණ­නා­වක් පව­තින තේ කර්මා­න්තය දියුණු කරන්න අපට පුළු­වන්. මේ සඳහා දාය­ක­වන ගොවියා ඇතුළු සියලු දෙනා ඇග­යී­මට අපි සුදා­නම්. ගම්මාන 500 අවශ්‍ය මූල්‍ය සහ­යද රජ­යෙන් ලබා­දී­මට සැල­සුම් කර තිබෙ­නවා. සාම්ප්‍ර­දා­යික තේ ව්‍යාපා­ර­යෙන් ඔබ්බට ගොස් නව ලොවට ගැළ­පෙන තේ වෙළෙ­ඳ­පො­ළක් සඳහා පිය­වර ගන්නවා. සිලෝන් ටී සංක­ල්පය මේ ගම්මාන වෙත රැගෙන යනවා.    ''

ලංකාවට ඔබ්බෙන් වූ මුහුදෙදි මිලේච්ඡ ප්‍රහාරයකට ලක්වූ ඉරාන නෞකාවේ සිටි 84 දෙනෙක්ගේ මළ සිරුරු සොයා ගනී

ලංකාවට ඔබ්බෙන් වූ මුහුදෙදි මිලේච්ඡ ප්‍රහාරයකට ලක්වූ ඉරාන නෞකාවේ සිටි 84 දෙනෙක්ගේ මළ සිරුරු සොයා ගනී