සුබ ආරංචියක් - රාජ්‍ය සේවයට තවත් පිරිසක් බදවා ගනියි දිවයින පුරා ස්ථානමාරු හදා ගන්නත් අවස්ථාව

Report

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය ශක්තිමත් කරමින්, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයින් 582 දෙනෙකු සඳහා දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (18) පෙරවරුවේ මරදාන ටවර් පරිශ්‍රයේදී සිදු කෙරුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම බඳවා ගැනීම් ක්‍රියාවලිය කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොරව, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම සුවිශේෂී තත්ත්වයකි.

දවස ආරම්භයට ප්‍රථම මේ ලග්න හිමියන් අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වෙන්න - ග්‍රහචාර මාරුවක් සමඟ අද ලග්න පලාපල

දවස ආරම්භයට ප්‍රථම මේ ලග්න හිමියන් අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වෙන්න - ග්‍රහචාර මාරුවක් සමඟ අද ලග්න පලාපල

නව පත්වීම්ලාභී කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පිහිටි මධ්‍යම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම නව බඳවා ගැනීම් සිදු කිරීමත් සමඟ, කොළඹ සහ බස්නාහිර පළාතේ දීර්ඝ කාලයක් සේවය කරන ලද සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයින්ට දිවයින පුරා පිහිටි තම උපන් ගම් ප්‍රදේශවල රෝහල් වෙත ස්ථාන මාරුවීම් ලබාගැනීමේ අවස්ථාව උදා වේ.

ඒ අනුව පළමු සහ දෙවන වටයේ පත්වීම් ක්‍රියාවලිය යටතේ සේවකයින් 550ක පිරිසකට දිවයින පුරා ස්ථාන මාරුවීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම නව සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම වෙනුවෙන් දින තුනක විශේෂ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබාදීමට ද අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, එමඟින් අවංක හා කාර්යක්ෂම රාජ්‍ය සේවකයෙකු ලෙස මහජනතාවට සේවය කිරීමට අවශ්‍ය මූලික දැනුම සහ පුහුණුව ඔවුන් වෙත ලබා දෙනු ඇත.

කළුබෝවිල වෙඩි තැබීමක් - තුවාලකරුවන් රෝහලට

කළුබෝවිල වෙඩි තැබීමක් - තුවාලකරුවන් රෝහලට