රුපියල් 100කට යෝජනා වූ තැපැල් මුද්දරයක අවම මිල...
By Parami Dissanayake
තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට පවසන අතර, ඊට භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු පැවසීය.
2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක අවම මිල මේ වනවිට රුපියල් 50ක් ව පවතී.
මෙලෙස, තීරණය ගැනීමට සිදුව ඇත්තේ, තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගට ම පාඩු ලැබීම හේතුවෙන් බව ඔහු අවධාරණය කළේ ය.