හෙට (21) සිට කිරිපිටි මිල පහළට.

By Sewvandhi Jul 20, 2023 11:55 AM GMT
Report

ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ සතොස කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බවය.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 31කින් පහළ දමා ඇති බවය.

ඒ අනුව, ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට්ටුවක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 999කි.

 හෙට (21) සිට දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් හරහා මෙම නව මිල යටතේ ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් මිලදීගැනීමට හැකිවනු ඇති.