කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

Report

කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අසත්‍ය පුවතට අනුව, “BREAKING NEWS” ලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදාළ සටහනේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 260කින්, කල්කිරි බෝතලයක මිල රුපියල් 40කින් සහ යෝගට් එකක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවතට - නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නැතිව මේ ආයතනයේ වසා දැමීමට තීරණ

සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවතට - නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නැතිව මේ ආයතනයේ වසා දැමීමට තීරණ

ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරන්නේ එම මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි පුවත් නිල හෝ විශ්වාසදායක මූලාශ්‍රයක් මගින් තහවුරු කර ගැනීමකින් තොරව හුවමාරු කිරීමෙන් වළකින ලෙසද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලංකාවම කැළඹෙන ආරංචියක් - ලංකා මුහුදු තිරයේ විශාල තෙල් හා ගෑස් නිධි දෙකක් මතුවෙලා

ලංකාවම කැළඹෙන ආරංචියක් - ලංකා මුහුදු තිරයේ විශාල තෙල් හා ගෑස් නිධි දෙකක් මතුවෙලා

මේ අතර, සැක සහිත මිල වෙනස්වීම් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.