අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 150කින් අඩු කරන දේ මෙන්න..

Report

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඒ, අනුව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ, කිලෝ එකක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150.00 කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි.

ඊට අමතරව ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පමණ පහළ දැමීමට තීරණය කර ඇත.