සියලුම තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කරමින් නියෝගයක්..18ත් 35ත් අතර අනිවාර්යයි.
සියලුම තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කර තිබෙන පුවතක් මියන්මාරයෙන් වාර්තා වනවා.
විදෙස් මාධ්‍යය වාර්තා කර සිටින්නේ, මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව, අවුරුදු 18ත් 35ත් අතර වයසැති සියලු පිරිමි පුද්ගලයන් සහ අවුරුදු 18ත් -27ත් අතර වයසැති තරුණියන් අවම වශයෙන් වසර 02ක් හමුදා අණ යටතේ සේවය කළ යුතු බවයි වාර්තා වන්නේ.
2021 වසරේ දී කුමන්ත්‍රණයකින් හමුදාව විසින් එරට බලය අත්පත් කර ගනු ලැබුව ද යළිත් මෑත කාලයේ දී මිලීෂීයා සහ හමුදා විරෝධී කැරලිකරුවන් සමඟ පැවති සටන්වල දී පරාජයට පත් වුණා.