සිරගතව සිටින හිටපු ජනපති වෙනුවෙන් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවෙන් පිටත පෙළ ගැසෙයි..

By krishani Apr 10, 2023 07:29 AM GMT
Report

සිරගත කර සිටින හිටපු ජනාධිපති Mikheil Saakashvili ට සහය පළ කරමින් එරට ප්‍රධාන විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවයට සහභාගී වූ විරෝධතාකරුවන් ජෝර්ජියානු පාර්ලිමේන්තුවෙන් පිටත පෙළ ගැසී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම සහ ස්වාධීන මාධ්‍ය නිහඬ කිරීම සම්බන්ධයෙන් එරට රජයට චෝදනා එල්ල වී තිබෙන බව ය.

2004 සහ 2013 අතර කාලයේ දී වාර දෙකක් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙමින් සේවය කළ Mikheil Saakashvili බලය අයුතු ලෙස පරිහරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දැනට වසර හයක සිරදඬුවමක් ඔහු විඳිමින් සිටි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join