ඇමරිකාවේ දේවස්ථානයට ප්රහාරයක් - අපරාධකරු හඳුනා ගැනේ ප්රහාරයට හේතුවත් එළියට
මිචිගන් ප්රාන්තයේ යුදෙව් දේවස්ථානයකට ප්රහාරයක් එල්ල වී ඇත. එල්ල වූ මෙම ප්රහාරයේ සැකකරු ලෙස 41 හැවිරිදි අයිමන් මොහොමඩ් ගසාලි (Ayman Mohamad Ghazali) නම් ලෙබනන් සම්භවයක් සහිත අමෙරිකානු පුරවැසියෙකු හඳුනාගෙන ඇති බව අමෙරිකානු බලධාරීන් ප්රකාශ කර තිබේ.
නීතිය ක්රියාත්මක කරන ආයතන මූලාශ්ර තුනක් උපුටා දක්වමින් Fox News පුවත් සේවය වාර්තා කරන්නේ, ඔහු Dearborn Heights නගරයේ පදිංචිකරුවෙකු බවයි.
ඒ අනුව ලෙබනනයේ හි සිදු වූ ගැටුම් හේතුවෙන් සිය පවුලේ සාමාජිකයන් අහිමි වීමෙන් ඇති වූ කෝපය මත ඔහු යුදෙව් ප්රජාව ඉලක්ක කර මෙම ප්රහාරය එල්ල කළ හැකි බව එම නගරයේ නගරාධිපති මෝ බේඩවුන් මහතා සඳහන් කරයි.
සැකකරු එරට වේලාවෙන් දහවල් 12.30ට පමණ වෙස්ට් බ්ලූම්ෆීල්ඩ්හි පිහිටි 'ප්රදේශයේ පිහිටි ටෙම්පල් ඉස්රායල්'නම් ප්රධාන යුදෙව් දේවස්ථානයට තම වාහනය වේගයෙන් ධාවනය කර හප්පා තිබෙන බව සඳහන්.
අනතුරුව රයිෆලයක් රැගෙන රථයෙන් බැස ඇති ඔහු එහි සිටි සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් සමග වෙඩි හුවමාරුවක් සිදු කර තිබේ.
එහිදී ආරක්ෂක නිලධාරීන් එල්ල කළ වෙඩි ප්රහාරයෙන් සැකකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්.