ලංකාවට IMF බලාපොරොත්තුව - ක්‍රිස්ටලිනා අද දිවනයිට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ශ්‍රී ලංකාවට පැමිණෙයි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මෙම 16 වැනිදා සිට 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
ඇය මෙම සංචාරය අතරතුර රජයේ බලධාරීන් සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වනු ඇත.
'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවූ හානි පෞද්ගලිකවම නිරීක්ෂණය කිරීමද ඇයගේ සංචාරයේ ප්‍රධාන අරමුණක් වේ.
සුළි කුණාටුවෙන් ඇති වූ හානි යථා තත්ත්වයට පත් කිරීමට සහ සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශක්තිමත්, තිරසර අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහාය විය හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතය.
මෙය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බේල්අවුට් වැඩසටහන යටතට පැමිණි පසු ජෝර්ජිවාගේ පළමු සංචාරය වන අතර, ඇය ලබන 18 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
දිට්වා සුළි කුණාටුව 2025 අගභාගයේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් ඇති කළ අතර, එහි පසුවිපාක තවමත් රටේ ආර්ථික හා සමාජීය තත්ත්වයට බලපාමින් පවතී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම සංචාරය හරහා රටේ යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට තවදුරටත් සහාය වීමේ හැකියාව තක්සේරු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.