මෙසී පාපන්දු ක්‍රීඩාවෙන් සදහටම සමු ගනියි? - ආන්දෝලනාත්මක සටහනක් තබයි

By Mithu Aug 12, 2026 04:43 PM GMT
Report

තම පියාගේ හදිසි අභාවයෙන් පසු සංවේදී සටහනක් තබමින් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසි ප්‍රකාශ කර ඇත්තේ, තමා තවදුරටත් කොපමණ කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වන්නේද යන්න පිළිබඳව ස්ථිර අදහසක් නොමැති බවයි.

දිගුකාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වන විට මෙසිගේ පියා වූ ජෝර්ජ් මෙසි 68 වන වියෙහි පසුවිය.

මෙම අහිමි වීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරමින් මෙසි සඳහන් කළේ, තම ජීවිතයේ සහ ක්‍රීඩා දිවියේ සෑම සාර්ථකත්වයකම පිටුපස සිටි සෙවනැල්ල අහිමි වීම දරාගැනීමට අපහසු බවයි.

මෙසි 14 හැවිරිදි වියේ පසුවූ තැන් සිට ඔහුගේ නිල ක්‍රීඩා නියෝජිතයා ලෙස කටයුතු කළේ ද ජෝර්ජ් මහතාය.

තම පුත්‍රයා ලෝකයේ බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු බවට පත්වන අයුරු අසල සිට දුටු සහ ඊට ශක්තිමත් පදනම දැමූ ප්‍රධානම පුද්ගලයා වූයේ ද ඔහුය.

පියාගේ වියෝවෙන් ඇති වූ දැඩි මානසික පීඩනයත් සමඟ ඉදිරි පාපන්දු දිවිය පිළිබඳව නැවත සිතා බැලීමට සිදුව ඇති බවත්, ක්‍රීඩාවේ තවදුරටත් රැඳී සිටින කාලසීමාව පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් මෙසි තැබූ සටහනෙහි වැඩිදුරටත් දැක්වේ.

"ඔබ නොමැතිව මම කුමක් කරද්දැයි මම නොදනිමි. ඉදිරියට යන්නේ කෙසේදැයි මට වැටහීමක් නැත. මම මීට පෙර කළේ පාපන්දු ක්‍රීඩා කිරීම පමණි, නමුත් මම තවදුරටත් වැඩි කාලයක් එය දිගටම කරගෙන යයිද යන්න ගැන මට ඇත්තේ දැඩි අවිනිශ්චිතතාවකි."

"ආරම්භයේ සිටම ඔබ මගේ ළඟින්ම සිටියා. අපට අවසානය දක්වා යාමට ඉතා ආසන්නව සිටියදී, අපට මෙය එකට අවසන් කිරීමට තවත් ටික කාලයක් ඉවසී සිටින්නට නොහැකි වූයේ මන්ද?"

"ඔබ මගෙන් දිගින් දිගම ඉල්ලා සිටියේ තවත් එක් ලෝක කුසලානයක ක්‍රීඩා කරන ලෙසයි. එය ආරම්භ වීමට දින කිහිපයකට පෙර ඔබේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරුණා." "මම ඔබට පැවසුවේ අප අවසන් මහා තරගයට පැමිණෙන බවත්, එවිට ඔබට පැමිණිය හැකි බවත්ය. සෑම තරගයක්ම අවසන් වූ පසු මම ඔබේ පණිවිඩය බලා සිටියෙමි. අවසන් මහා තරගය දක්වා පැමිණියද, ඔබට එහි පැමිණීමට නොහැකි විය."