ට්විටර් ග්‍රාහකයන්ට පණිවිඩයක්.

By Hashini Oct 18, 2023 06:53 AM GMT
Report

 ''X'' සමාජ මාධ්‍ය භාවිත කරන නවසීලන්තයේ හා පිලිපීනයේ නව ග්‍රාහකයින්ගෙන් වසරකට ඩොලරයක් අය කිරීමට තීරණය කර තිබෙනවා.

ඉලෝන් මස්ක් හිමිකාරීත්වය දරන X සමාගම පවසන්නේ එය නව අත්හදා බැලීමක් බවත්, එමඟින් එම ජාලය හඳුන්වා දී ඇති ප්‍රධාන අංග වෙත පිවිසීමට හැකියාවක් පවතින බවයි.

එයින් ට්වීට් කිරීමේ හැකියාව, නැවත ට්වීට් කිරීමේ හැකියාව, ලයික් ලබා දීම සහ ට්විටර් පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලැබෙනවා.

ගෙවීම් නොකරන ග්‍රාහකයින් වෙත පණිවිඩ කියවීම,වීඩියෝ නැරඹීම සහ වෙනත් ගිණුම් ෆලෝ කිරීම පමණක් හිමි වෙනවා.

X සමාගම පවසන්නේ ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම,ස්පෑම් සහ බොට් ක්‍රියාකාරකම් අඩු කිරිමට බලාපොරොත්තු වන බවයි.

විචාරකයෝ පවසන්නේ පසුගිය වසරේදී මස්ක් ඩොලර් බිලියන 44කට ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගත අතර මේ වනවිට එහි ක්‍රමික කඩා වැටීමක් දක්නට ලැබෙන බවයි.