මර්වින් සිල්වා අමාරුවේ..පුතු 'මාලකට' ලක්ෂ 323ක් බෙන්ස් එකක්

Report

කලකට පෙර රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතරේ වසර දෙකක කාලයක් තුළ සිය වැටුපෙන් හා ඉපැයිම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදලක් වැය කොට ඉතා ඉහළ වටිනාකම්වලට ඉඩකඩම් සහ අධිසුඛෝපභෝගී වාහන කිහිපයක් මිල දී ගැනීම සහ මුදල් භාවිත කිරිම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (මැයි 27) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

මහනුවර ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක්

මහනුවර ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක්

2010 මාර්තු මස 31 වන දා සිට 2012 මාර්තු 31 වන දා දක්වා කාලය තුළ හිටපු අමාත්‍යවරයා විසින් සිය නීත්‍යනුකූල ආදායම් අභිභවමින් මෙම මුදල්, දේපළ ඉපයීම මත ඔහුට අධි චෝදනා ගොනුකොට තිබේ.

ඒ අනුව, කොළඹ – 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිල දී ගැනීම සඳහා හත්කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් වැය කිරීම, කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිල දී ගැනීම සඳහා එක්කෝටි තිස්නව ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කිරීම මෙන් ම ඔහුගේ පුත් මාලක සිල්වා වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් මිල දී ගැනීම සඳහා තුන්කෝටි විසිතුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් වැය කිරීම, තම පරිහරණය වෙනුවෙන් තුන්කෝටි විසිතුන් ලක්ෂයක් වැය කර බෙන්ස් කාර් රථයක් මිල දී ගැනීම, ඩිස්කවර් ස්පෝර්ට්ස් වී 8 ජිප් රථයක් මිල දී ගැනීම සඳහා රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වැය කිරීම, හයිහුන්ඩායි මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනස් පහකට අධික මුදලක් ඇතුළු මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මෙලෙස අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණි.

චිකුන්ගුන්යා අවදානම් ප්‍රදේශ මෙන්න....පරිස්සමින්

චිකුන්ගුන්යා අවදානම් ප්‍රදේශ මෙන්න....පරිස්සමින්