රැජිනක් නැතිව ගෙවුන වසරක්.

Report

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වි අදට වසරක් සම්පූර්ණ වනවා.

ඒ අනුව රැජින සිහිපත් කරමින් තුන්වන චාල්ස් රජු විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඔහු සිය මව සහ ඇගේ මතක ආදරයෙන් සිහිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවා.

අදට යෙදී තිබෙන රැජිණගේ අභාවයෙන් පළමු වසරක සිහිපත් කිරීම වෙනුවෙන් රජ පවුලේ විශේෂ අනුස්මරණ උත්සවයක් සංවිධාන කර ඇතැයි ද සඳහන්.

මේ සඳහා අමෙරිකාවේ සිටින හැරී කුමරු ද සහභාගී වීමට නියමිත අතර ඔහු බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ මියගියේ 2022 වසරේ සැප්තැම්බර් මස 08 වනදායි.

ඒ වනවිට ඇගේ වයස අවුරුදු 96 ක්.