වතු ජනතාව ජනපති රනිල් දෙන්නේ මොනාද..?කවුරුත් නොසිතූ දෙයක් තව සතියකින් වෙන්න යයි..!

Report

වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රට වෙනුවෙන්, රටේ ජයග්‍රහණය වෙනුවෙන්, වතු ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට ඒන්නැයි සියලු ප්‍රගතිශීලී කණ්ඩායම් වලට ආරාධනා කරන බව වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා.

අද (29) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරුන් වන වඩිවේල් සුරේෂ්, අරවින්ද් කුමාර්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් යන මහත්වරුන් සඳහන් කළේ වතුකර ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු ලෙස මින් ඉදිරියට සන්ධානයක් හැටියට මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවයි.

මෙහිදී ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වතු ජනතාව මෙන්ම රටේ ජනතාව වෙනුවෙන් සාර්ථක සැලැස්මක් ඇති බව ඔවුන් ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්..

GalleryGallery