හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමට යයි..කවුරුත් නොසිතූ හේතුවක්..
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී. රංගා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ මන්නාරම් මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන ආකාරයෙන් කොළඹ නගරයේ ප්‍රචාරක දැන්වීම් ඇලවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණයකට අදාලවයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව පොලිසිය විසින් දැනුම්දී තිබේ.
අදාළ අපරාධය මෙහෙය වූයේ මෙම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් ඔහු අත්අඩංගුවට ගත්තේ දැයි අධිකරණය විමසා සිටි අවස්ථාවේදී නිලධාරීන් ඒ බව දන්වා සිටියේය.