මිටියාගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Report

මිටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේදී පසුගිය මැයි 3 වැනිදා සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට ආධාර හා අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එදින අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට, යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27, 40, සහ 44 වන මීටියාගොඩ සහ කහව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මීටියාගොඩ පොලිස් ස්ථානය මඟින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

විදුලි ගාස්තු සංශෝධනය ළඟ ළඟම

විදුලි ගාස්තු සංශෝධනය ළඟ ළඟම

අද ස්ත්‍රී අයට සුබපල ගෙනදෙන සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වෙන වාසනාවන්ත යෝගයක්!

අද ස්ත්‍රී අයට සුබපල ගෙනදෙන සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වෙන වාසනාවන්ත යෝගයක්!