කඩවුණු පොරොන්දුව... කම්පනය මැදිරිගිරියෙන් පේනවා.... ආණ්ඩුවට වක්‍රව කියපු කතාවක් ද?

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Polonnaruwa
By Akash Mar 17, 2025 02:25 PM GMT
Akash

Akash

Report

සංගීතය ව්‍යාපාරයක් කරගෙන ගායක ගායිකාවෝ එනවා කියලා ප්‍රවේශ පත්‍ර විකුණලා… අන්තිමේ ඔවුනගේ හඬ නෑහෙන කොට රසිකයෝ කුපිත වෙලා…

ඒකට සංවිධායකවරුත් එනවායි කියලා නාපු අයත් ගයනවා කියලා නොගැයූ අයත් වගකිව යුතුයි. අනික් කරුණ එවැනි තත්ත්වයකදී රසවින්දනය බිඳ වැටුණු සමාජ ස්තරවල ක්‍රීයාකාරිත්වයත් ඛේදනීයයි තත්ත්වය මැදිරිගිරය සිද්ධියෙන් පේනවා යැයි පූජ්‍ය වනවාසි රාහුල හිමියෝ ඊයේ ප්‍රකාශ කළා.

මෙහිදී පාඩම් රැසක් මතක් කර දෙන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. එමෙන්ම 69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු සහ පොරොන්දු කඩ කළ හිටපු ජනාධිපතිවරයා පන්න දැමීමට ජනතාව ක්ජටයුතු කළා.

එමෙන්ම බහුතර බලයක් සමග බලයට පත්ව ඇති වත්මන් රජයද ජනතාවට පොරොන්දු රැසක් සහ බලාපොරොත්තු රැසක් ලබාදී තිබෙනවා.

එම පොරොන්දු සහ බලාපොරොත්තු වත්මන් රජය කඩ කලොත් ඔවුන්ට ද මෙම ඉරණම ඇති විය හැකි බව ද උන්වහනේ අවධාරණය කර තිබෙනවා.

ReeCha