ජීවිත දැඩි අවධානමක - රෑ වැටුණු වලේ දවලුත් වැටෙන්න යයි..
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ, ඖෂධ 47ක් ඉන්දියානු ඒකාධිකාරය යටතේ මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.
මෙමගින් මෙරට සෞඛ්‍ය සේවාවට සහ පුරවැසියන්ට වාසි සහගත වන්නේ කෙසේද යන්න ඇමතිවරයා විසින් පැහැදිලි කළ යුතු බවයි, එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ.
ඉන්දියාවෙන් ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීම හරහා නැවත වරක් ඖෂධවල ප්‍රමිතිය සහ තත්ත්වය බාල කිරීමක් සිදුවිය හැකි බවද රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි.