ඉදිරියේදි හරිම පරිස්සමෙන්... රෝහලකට යන්න බැරි තත්වයක්.. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භයානකම තත්වයක් ලගදීම…
ඉදිරි මාසයේදි රජයේ රෝහල් වල ඇතුළු රට තුළ යළිත් බරපතළ ඖෂධ හිගයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකදි රජයේ ඖෂධ නීතිගත සංස්ථාවේ නිළධාරීන් අනතුරු අගවා තිබෙනවා.
මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 220ක තොග අවසන් වීමේ අවදානමක් පවතින බවයි එම නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ.
එමෙන්ම රජයේ රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 70 ක පමණ තොග අවසන් වීමේ තත්වයක් පවතින බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ එමෙන්ම රජයේ රෝහල් පද්ධතිය තුක ඖෂධ වර්ග 120 ක් පමණ හිග වීමේ අවදානමක් පවතින බව පෙන්වා දී තිබෙනවා.
පසුගිය දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගත්වු තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා පව පසුගිය දිනවල ඉවත් කර නව අමාත්‍යවරයෙකු පත් කළා.
මේ අතර වෛද්‍ය ආඥා පනතත් ඉදිරියේදි සංශෝධනය කිරීමට නියමිතව පවතින බව වාර්තා වනවා.