මේ දේ කරන්න - සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

අධ්‍යාපනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) දිනයේ ආරම්භ වීමට නියමිතයි.

මේ දේ කරන්න - සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න. | Medical Advice For Students Writing The Ol Exam

එම විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් විශේෂ වෛද්‍ය උපදෙස් කිහිපයක් නිකුත්කර තිබෙනවා.

ඒ මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ය.

ඒ අනුව විභාගයට පෙනී සිටින සිසුන් දියරමය පානවර්ග ලබා ගැනීම සුදුසු බව මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගමගේ සඳහන් කර සිටියේ ය.

ඒ සඳහා වඩාත් උචිත පිරිසිදු පානිය ජලය බව ඒ මහතා පැවසීය.

වැටුප් වැඩි වෙයි ද?. ලැබුණ ආරංචියක් මෙන්න..

වැටුප් වැඩි වෙයි ද?. ලැබුණ ආරංචියක් මෙන්න..


එමෙන්ම, විභාගය සදහා යෑමේ දී හිරු එළියෙන් ආවරණය වීම සඳහා අවශ්‍ය කුඩයක් හෝ ඒ සඳහා සුදුසු දෙයක් භාවිතා කරන ලෙසත් ඔහු කියා සිටියේ ය.

තව ද, විභාගය අතරතුර ලැබෙන කාල සීමාව තුළ හිරු එළියට නිරාවරණය වීමට නොයා සිසිල් ස්ථානයක රැඳී සිටින ලෙසත් විදුලි පංකාවක් තිබේනම් එම විවේක කාලයේ දී ඒ අසල රැදී සිටීම සුදුසු බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.