මාධ්‍ය හැඳුනුම්පත අවභාවිත කරලා කරලා තියෙන දේවල් මෙන්න – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්”
පසුගිය පාලන කාලවලදී විශාල පිරිසක් ජනමාධ්‍ය හඳුනුම්පත අවභාවිත කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පුද්ගලයන් එම හඳුනුම්පත භාවිත කරමින් පෞද්ගලික විදේශ සංචාර සඳහාද යොදාගෙන ඇති බවයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩමුළුවකදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය. මෙම වැඩමුළුව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කළ “ඇසිදිසි මෙහෙවර 2026” මාධ්‍යවේදී අභිප්‍රේරණ වැඩසටහන යටතේ පැවැත්විණ.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේ රජය වෙන් කර ඇති මුදල් ජනමාධ්‍යවේදීන්ගේ ශිෂ්‍යත්ව සඳහා පමණක් යොමු කර ඇති බවයි.
එම මුදල් තවදුරටත් ඇමතිවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන්ට හෝ රජයේ මාධ්‍ය අංශවලට ලබා නොදෙන බවද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට ජනාධිපති මාධ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී වී දේශන පැවැත්වූහ.