අත්‍යවශ්‍ය ඖෂධ 52ක් ගැන භයානක හෙළිදරව්වක්..

Report

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසන්නේ, වර්ථමානය වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන ඇති බවත් ගිය වසර වන විට එම ඖෂධ 250ක හිඟයක් පැවති බවයි, අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වර්ථමානය වන විට ජාතික මට්ටමේ හිඟතාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඖෂධ 52ක ප්‍රමාණයක් පමණක් බවය.

ජනපතිවරණයට ඇප තැබූවන් තවත් ඉහළට - අපේක්ෂක ලැයිස්තුව මෙතනින්..

ජනපතිවරණයට ඇප තැබූවන් තවත් ඉහළට - අපේක්ෂක ලැයිස්තුව මෙතනින්..

එම ඖෂධ 52 සඳහා ආදේශක ඖෂධ මෙරට තුළ පවතින බවත් මින් ඇතැම් ඖෂධ ඇණවුම් කර තිබූ බවත් සහ එම ඇණවුම් ලැබෙමින් පවතින ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල පවතින බවත්, ඖෂධ හිඟය ක්‍රමාණූකූලව අවම වී යන බැවින් ඉදිරි කාලයේ දී ඖෂධ හිඟය මග හැරී යනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.