ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ලංකාවට පදක්කම් රැසක්.

By Hashini Oct 25, 2023 06:41 AM GMT
Report

ආසියානු පැරා ක්‍රීඩා උළෙල චීනයේ හංග්චොව්හිදී පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඊයේ (24) නුවන් ඉන්දික ගමගේ සහ ප්‍රදීප් සෝමසිරි පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනා ගනු ලැබුවා.

මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරඟයේදී තත්පර 11.63 ක දක්ෂතාවක් පෙන්වමින් නුවන් ඉන්දික මෙම රන් පදක්කම හිමි කර ගනු ලැබුවා.

ප්‍රදීප් සෝමසිරි මිනිත්තු 4යි තත්පර 5.1කින් තරන්හය අවසන් කරමින් නව තරඟාවලි වාර්තාවක් සමඟින් 1500 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගනු ලැබුවා.