නගරාධිපති තෝරන ඡන්දෙට අපිත් එනවා - මුජිබර්

Sri Lanka Politician Samagi Jana Balawegaya Mujibur Rahman Sinhala news Local government election Sri Lanka 2025
By Mithu May 08, 2025 06:04 PM GMT
Mithu

Mithu

Report

ඡන්දයකින් නගරාධිපති තෝරාපත් කරගන්නා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඡන්දයට සමගි ජන බලවේගය ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම්වලට හැකි බවත්, මේ වන විටත් එම විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය

නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය

එක්සත් ජාතික පක්ෂය ද කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බවට දැනුම් දී ඇති බවද, නගරාධිපතිවරයා වන්නේ කවුරුන්ද යන්න තවත් දින කිහිපයකින් යෝජනා කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ ලබාගත් මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් විපක්ෂයේ සිටින සමගි ජන බලවේගය ප්‍රමුඛ පක්ෂවලට හිමි වී ඇති බවත්, 50% ක් කිසිවෙක් ලබා නොගැනීම නිසා නගරාධිපතිවරයා තෝරා ගැනීමට ඡන්දයක් පැවැත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ‍. 

කෙහෙලිය අල්ලස් කොමිසමින් අත්අඩංගුවට

කෙහෙලිය අල්ලස් කොමිසමින් අත්අඩංගුවට

ReeCha